2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

මහවැලි මහ ගොවියාට බ‍්‍රවුන්ස් ටැෆේ ට‍්‍රැක්ටරයක්

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 98

 

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සංවිධානය කරන ලද මහවැලි කලාපයේ හොඳම ගොවියා හා හොඳම ගොවි සංවිධානය තේරීමේ තරගයේ ත්‍යාග බෙදා දීමේ උත්සවය මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රධානත්වයෙන් පසුගියදා අති සාර්ථකව පැවත්විණි. ගොවීන් දහසකට අධික ප‍්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ඇඹ්ලිපිටිය, මහවැලි බුද්ධි මණ්ඩපයේ පැවති මෙම උත්සවයේදී මහවැලි මහ ගොවියා ලෙසින් හුරැළුවැව කලාපයේ ගල්කිරියාගම, දඹේවටන පදිංචි ආර්.පී.පේ‍්‍රමදාස මහතා තේරී පත් වූ අතර බ‍්‍රවුන්ස් සමාගම හා LOLC MICRO CREDIT සමාගම එක්ව නවීන බ‍්‍රවුන්ස් ටැෆේ (BROWNS TAFE 45DI OIB) ට‍්‍රැක්ටරයක් ඔහු වෙත ත්‍යාග වශයෙන් පිරිනමන ලදී.
ඉහළම තාක්ෂණයෙන් යුතුව ශ‍්‍රී ලාංකික ගොවි ජනතාවගේ අවශ්‍යතාවයන්ට මනාව ගැළපෙන ආකාරයට නිෂ්පාදිත බ‍්‍රවුන්ස් ටැෆේ (BROWNS TAFE) ට‍්‍රැක්ටරය බ‍්‍රවුන්ස් කෘෂි අංශය විසින් ගෙන්වා බෙදාහරින ගොවි ජනතාව අතර අංක එකේ ට‍්‍රැක්ටරයයි. 
මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජය නිශ්ශංක මහතා පැවසුවේ &බ‍්‍රවුන්ස් කෘෂි අංශය ආරම්භයේ සිටම කෘෂි යාන්ත‍්‍රීකරණය හරහා ශ‍්‍රී ලාංකික ගොවි ප‍්‍රජාව නංවාලීමට කැප වුණු සමාගමක්. රටට බත සැපයීමට වෙහෙසෙන ගොවි මහතුන් ඇගයීමට ලක්කළ මහවැලි මහ ගොවියා තේරීමේ තරගයට අනුග‍්‍රාහකත්වය සැපයීමට හැකි වීම අපට විශාල සතුටක්. ශත වර්ෂයකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකික කෘෂි කර්මාන්තය හා බැඳුණු නාමයක් වශයෙන් මෙලෙස ශ‍්‍රී ලාංකික ගොවි රජවරැන් අභිෂේක කිරීමට සෘජුවම දායක වන්නට ලැබීම අපට ආඩම්බරයක්”
ශ‍්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් 40෴ක පමණ ප‍්‍රමාණයක් අයත් වන මහවැලි භූමියේ ගොවි කර්මාන්තය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සුවිසල් දායකත්වයක් දක්වයි. මහවැලි මහ ගොවියා හා හොඳම ගොවි සංවිධානය තේරීමේ තරගයේ අරමුණ මෙම භූමිය ආශ්‍රීතව ගොවිතැන් බතින් සිය ජීවිකාව සරි කරගන්නා ගොවි පවුල් එක් ලක්ෂ හැට දෙදහසකට අයත් ගොවි ජනතාව දිරිමත් කිරීමයි. වසවිසෙන් තොර භෝග වගාව, කාර්යක්ෂම ජල කළමනාකරණය හා වාරි පද්ධතියේ සංරක්ෂණය ප‍්‍රවර්ධනය කිරීම යන කරැණු ඉලක්ක කරගෙන මහවැලි අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ ඇගයීම් කටයුතු 2015/16 මහ කන්නය හා 2016 යල කන්නය ඇසුරෙන් සිදුකරනු ලැබිණි. මෙහිදී හොඳම ගොවි සංවිධානය වශයෙන් තේරී පත් වූයේ මොරගහකන්ද කලාපයේ බකමූණ, 504 බෙදුම් ඇළ ගොවි සංවිධානයයි. එම සංවිධානයට ත්‍යාග වශයෙන් ජපන් තාක්ෂණයෙන් යුත් BROWNS YANMAR අස්වනු නෙළීමේ යන්ත‍්‍රයක් පිරිනැමිණි. 
&බ‍්‍ර‍්‍රවුන්ස් කෘෂි අංශය වසර 140කට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකික ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ ඔවුන්ගේ ජීවිත හා බැඳුණු සමාගමක්. අප සමාගම බිහිවුණේ නව තාක්ෂණික යාන්ත‍්‍රීකරණය තුළින් ශ‍්‍රී ලාංකික ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ අරමුණින්. අදවන විට පැළ සිටවීමේ සිට වල් නෙළීම හා අස්වනු නෙළීම දක්වා සියලු කාර්යයන් කාර්යක්ෂමව සිදු කරන පුළුල් පරාසයක ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ අප ශ‍්‍රී ලාංකික ගොවි ජනතාව වෙත හඳුන්වා දී තිබෙනවා. මේ නව තාක්ෂණය සමඟ ශ‍්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දශක ගණනාවකින් ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා.